vimarsana.com

Card image cap


Thursday, 01 July 2021 - 7:27
උසස්වීම් සහ හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙද වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ කොරෝනා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවයි.
හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.
සමස්ත ලංකා හෙද සංගමයද අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එසේම, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළේ හෙද සේවාවේ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
කෙසේ වෙතත්, හෙද සංගම්වල වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා.
Exclusive Clips
30 June 2021
28 June 2021
26 June 2021

Related Keywords

Sri Lanka , ,Officers Union ,Officers Union Chairman ,Association Professional ,ஸ்ரீ லங்கா ,அதிகாரிகள் தொழிற்சங்கம் ,

© 2024 Vimarsana

vimarsana.com © 2020. All Rights Reserved.