කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක් Posted on July 20th, 2021 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය. කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 පැවති සාකච්ඡාවක මුලසුන ගනිමින් අග්‍රාමාත්‍යතුමා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදි. රෝහලේ නව ඒකක ආරම්භ කරමින් ප්‍රදේශයේ රෝගීන්ගේ සියලු අවශ්‍යතා සම්පූර්ණවන අකාරයට කුලියාපිටිය මූලික රෝහල සංවර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය. කුලියාපිටිය මූලික රෝහලේ පවතින ගැටලු, වර්තමාන තත්ත්වය හා සංවර්ධනය කළ යුතු අංශ පිළිබඳව කුලියාපිටිය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා විසින් දැනුවත් කරන ලදි. මෙයට අමතරව කුරුණෑගල පළාත් රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස වැඩි දියුණු කිරීමේ දී අවශ්‍යකරන වෛද්‍ය ඒකකය, ළමා රෝග ඒකකය සහ ශල්‍ය ඒකකය යන ඒකක තුන සඳහා සැලසුම් නිර්මාණය කොට වෛද්‍ය ඒකකය තට්ටු 14ක ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස ඉදිකරීම සඳහා අවශ්‍යකරන තාක්ෂණික අනුමැතියට යොමු කිරීමට ද මෙහි දී තීරණය විය. අදාළ තීරණයට අනුව මාස කිහිපයක් තුළ මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර,ඩී.බී හේරත්, සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, බී.වයි.ජී රත්නසේකර, සමන්ප්‍රිය හේරත්, චරිත හේරත්, මංජුලා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක, කුලියාපිටිය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත, වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පරිසක් එක්ව සිටියහ.. Leave a Reply Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site. Related Keywords