LankaWeb – අධ්‍යා

LankaWeb – අධ්‍යාපනයේ කොත ලූ වල කොතලාවල පනත


Posted on July 24th, 2021
මතුගම සෙනෙවිරුවන්
අතීත කථාව –
රයිගම රාජධානි සමයේ දී වර්තමාන බණ්ඩාරගම අසල වැව්
රාශියක් ඉඳි විය.රජුගේ මාළිගය පිහිටි භූමියේ පිහිටි පොකුණකට පිරිසිඳු ජලය ගෙන ඒමේ
අවශ්‍යතාවයක් ඇති විය. මේ යුගයේ දී මාළිගයට නුදුරින් අසු නාවන පොකුණ නමින් තවත්
තැනක් විය.ඒ අසල දාගැබක් ද විය. වරක් මේ දාගැබේ කොත අතුරුදහන් විය.පසුව අසුනාවන
පොකුණේ තිබී මේ කොත සම්බ වී යැයි පැවසේ. කොත හොරකම් කිරීම භුතයෙකු විසින් කළ වැඩක්
ලෙසට මිනිසුන් විසින් විශ්වාසයක් විය. පසුව මේ පොකුණ කොතලූ වල නමින් ද පසු කාලීනව
කොතලාවල වැව ලෙසටද හඳුන්වා ඇත.උයන් වත්ත වැව ලෙසට ද ව්‍යවහාර වේ. මේ ප්‍ර දේශයේ
සිටි බණ්ඩාර පවුල් වලට පසුකාලීනව කොතලාවල නාමය ඈඳුණ අතර යටත් විජිත සමයේ සිටි ප්‍රසිද්ධ
චරිතයක් වූයේ ජොන් ලයනල් කොතලාවල යි. ඔහුගේ පුත්‍රයා වූ ජෙනරල් ජොන් කොතලාවල මේ රටේ
තුන්වන අග්‍රාමාතයවරයා වූ අතර කුරුණැගල පාර්ලිමේන්තු පදවිය දිගු කාලයක් හොබවන
ලද්දේය. මින්නේරිය ව්‍යාපාරය ඇරඹූණේ මෙතුමා අතිනි පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ඇරඹුනේ ද මෙතුමා අතිනි.ඔහුගේ අභාවයට පෙර අක්කර 48 කින් යුතු සිය නිවස වූ කඳවල
වලව්ව ත්‍රිවිධ හාමුදාව උදෙසා ආරක්ෂක විද්‍යා ඇකඩමියක්  පවත්වා ගෙන යෑමට  පවරා දුන්නේය
යටත් විජිත සමයෙන් පසු ලංකාවේ මෑත කාලීන අධ්‍යපන ධාරාව
ආරම්භ කරනුයේ භික්ෂූන් වහන්සේලා විසිනි. 1869 දී දොඩන්දූව සහ පාණදුරයෙන් ඇරඹුණ මේ
පාසල් බෞද්ධ පාසල් ලෙසට හැඳින්වුණි.කර්නල් ඔල්කට් පැමිණි පසු ස්වාමීන් වහන්සේලා සමග
එක්ව පරමවිඥානාර්ථ සමාගම ඇති කර ඒ මගින් රට පුරා ඉස්කෝල පද්ධතියක් ඇති කරන ලදී.
නැවතත් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වූයේද මේ
කාලවකවානුව තුළය.  රත්මලානේ පරමධම්ම චේතිය
පිරිවෙන විද්‍යෙදය පිරිවෙන විද්‍යාලංකාර පිරිවෙන මෙන්ම දොඩන්දූව කුමාර කන්ද
පීරිවෙන එහි මුල් පෙලේ විය.නිදහස් අධ්‍යපන ක්‍රමය ස්ථාපිත වූ පසු කන්නන්ගර මහතා
මෙරට තිබූ බෞද්ධ පාසල් රාශියක් දියුණු කිරීමට අත දෙමින් ඒවා මධ්‍ය මහා විද්‍යාල හා
බැඳුණු පාසල් බවට පත් කරන ලද්දේය.අනතුරුව 1959 දී විද්‍යෙදය පිරිවෙන සහ විද්‍යාලංකාර
පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට බණ්ඩාරනායක මහතා කටයුතු කලේය.විදුදය
ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය බවටත් විද්‍යාලංකාරය කැළණිය විශ්ව විද්‍යාලය බවටත්
පත් වූයේය. ජයවර්ධන පුර විශ්ව වීද්‍යාලය දැනට පිහිටා තිබෙන භූමිය පූජ්‍ය වැලිවියේ
සෝරත නාහිමියන් ගේ ඉල්ලීම පිරීද 
උන්වහන්සේගේ ශිෂ්‍ය පැලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනේ පූජ්‍ය මැදගොඩ
සුමනතිස්ස හිමියන් විසින් පරිත්‍යාග කරන ලද්දකි.පිරිවෙන්  විශ්ව විද්‍යාල බවට පත් වන අතර 1962 දී පාසල්
රජයට පවරා ගත් කල්හි පෙර පැවති  බෞද්ධ
පාසල් සියල්ල ද රජයයට අයත් කර ගන්නා ලදී.
වර්තමාන කතාව –
      ජෙනරල්
ජෝන් කොතලාවල මහතා බලාපොරොත්තු වූයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා උසස් අධ්‍යාපනයක්
ලබා දීමටයි. 1981 වර්ෂයේ දී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය බිහි වන්නේ ඒ අනුවයි.
ඉන්පසු 1988 දී මෙම ආරක්ෂක විද්‍යා පීඨයේ සහතික
පිළිගැනෙන මට්ටමින් සංශෝධනය වන අතර 2007 දී එම ඇකඩමිය විශ්ව විද්‍යාලයක් බවට පත්
කිරීමට කටයුතු යොදා ඇත.. ඉන් පසුව ආරක්ෂක අංශ වල සාමාජිකයන් පමණක් නොව මුදල් ගෙවා
ඉගෙනුම ලැබිය හැකි සිවිල් පුරවැසියන්ටද එම ස්ථානය විවෘත කරන ලදී.එය සිදු වූයේ
වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් පිටවෙන සිසුන්ට මෙම විශ්වවිද්‍යාලය ට අනුබද්ධ වන
ආකාරයටයි.මෙම තීරණයෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව   විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් ද ඇතුලත්
වීමට ඉඩ හරින ලදී.මුදල් ගෙවා ඉගෙන ගැනීමට කැමති සිසුන්ට විදෙස් වලට නොයා මෙහි ඉගෙන
ගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණ විය. 2018 දී යහ පාලන රජය කාලයේ මෙම කොතලාවල පනත
නැවත අලුතින් ඉදිරිපත් කරන ලදී.එහි අරමුණ වන්නට ඇත්තේ ඒ වන විට ජනප්‍රිය මට්ටමේ
තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල බල ගැන්වීමයි. එම පනතම නැවත වර්තමාන රජය විසින්ද
දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.මෙම පනතේ තිබෙන සුවිශේෂය නම් විශ්ව විදයාල ප්‍රතිපාදන
කොමිෂන් සභාවේ බල සීමාවෙන් එපිට පැවැත්මට තිබෙන හැකියාවයි. 1981 දී ඇකඩමියක් ලෙසට
ස්ථාපනය වන විට. එය ආරක්ෂක අංශය යටතේ තිබුණද විශ්ව විද්‍යාලයක් බවට පත්වන විට  පත්‍රිපාදන කොමිසමට යටත් විය යුතුය.නමුත් අලුත්
පනතින් මේ ව්‍යුහය වෙනස් වෙයි.දෙවැන්න නම් මෙම කොතලාවල විශ්ව විද්‍යාලය පදනම්
කරගෙන රට පුරා පෞද්ගිලක විශ්ව විද්‍යාල බිහි කර ගැනීමට තිබෙන ඉඩ කඩයි.ඒ සමගම ජාත්‍යන්තර
විශ්ව විද්‍යාල සමග ඒකාබද්ධ වීමට තිබෙන අවස්ථාද පුලුල් වන බව මෙහි සඳහන්ය. එවිට
ශරියා නීතිය ඉගැන්වෙන හිස්බුල්ලගේ පූනානි විශ්වවිද්‍යාලයද මේ යටතට ගත හැකි වනවා
පමණක් නොව ශරියා නීතිය තිබෙන අරාබි රටවල් සමග ඒකාබද්ධ වීමටද අවස්ථාව සැලසේ.
     කොතලාවල
ආරක්ෂක විශ්ව විද්‍යාලය මෙවැනි තත්වයකට පත් කිරීම එක් අකින් කොතලාවල මහතා අභිබවා
යන්නකි.අනෙක් අතින් පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටීමට ඉඩ සලස්වා වෙනත් පෞද්ගලික
අධ්‍යාපන ධාරාවක් බලවත් කිරීමට ගන්නා උත්සාහයකි.  පෙර දැක්වූ පුරිදි මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය
පමණක් නොව පාසල් පද්ධතියද නිරිමාණය කරලීමට මෙරට භික්ෂූන් වහන්සේලා දැක්වූ දායකත්වය
සුවිශේෂීය. උන් වහන්සේලා ගේ කැපවීම අති මහත්ය. මෙම පාසල් සහ පිරිවෙන රජයට පවරා
දීමට කටයුතු කරන ලද්දේ පූජනීය හැඟිමකින් යයි කිව හැකිය.මෙම බෞද්ධ අධ්‍යාපන  ආයතන ස්ථූපයක කොතක් වැනිව ගෞරවනීය හැඟිමක් ජනිත
කරවූ  පද්ධතියකි .එහිදී පන්සල් වල පැවති
ඉඩකඩම් රාශියක්  රජය සතු කරමින් කළ
කැපකිරීම රජයේ වගකිමක් බවට පත් විය. කෝට්ටේ රජ මහ විහාරය සතුව තිබෙන ඉඩම ආනන්ද ශාස්ත්‍රාලයට
පවරා දුන් පසු එය රජය සතු වීම උදාහරණයකි.එම භූමියේ පැරණි සීමා මාලකය පවා අදද දක්නට
ලැබේ.
    කොතලාවල විශ්ව විද්‍යාලයේ පාලකයන් මෙන්ම මෙම
ආයතනයට සිසුන් ඇතුලත් කළ දෙමාපියන්ද නගන එක් තර්කයක් ඇත. එනම් රාජ්‍ය විශ්ව විද්‍යාල
වල තිබෙන විනය පිරිහීමයි.එය සැබෑවකි. මේ රටේ රාජය විසින් මෙහයවා පවත්වාගෙන ගිය
බොහෝ ආයතන වල විනය පිරිහුණි. පක්ෂ දේශපාලනය එයට ප්‍රමුඛ හේතුවයි.ලංගම වැනි ආයතන
මෙන්ම සමූපකාරයද ඒ තත්වයේ ලා පෙන්විය හැකිය.ඇතැම් ආයතන බංකොලාත් වන්නට ඉඩ හැර වසා
දැමුණි. ඇතැම් ආයතන විකුණා දැමින.1977 න් පසු ඇති වූ විවෘත ආර්ථික සංකල්ප වල
තිබුණු අතිශය පෞද්ගලික කාරණා මත රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අඩපණ කර ඇත.
 බටහිර ලෝකයට
පමණක් නොව අද පෙරදිග අතැම් රාජ්‍යයන්ටත් අධ්‍යාපනය කර්මාන්තයකි. රාජ්‍ය මැදිහත්
වීම මත හෝ පෞද්ගලික ප්‍රාග්ධනය මත අධ්‍යාපනය විකිණීම සිදු වෙයි. නමුත් අපගේ
සංස්කෘතිය තුළ අධ්‍යාපනය යනු සුපිරිසුදු ක්‍රියාවලියකි. ඒ මගින් දෙන දැනුම මිළ කළ
නොහැකිය.එය පූජනීය වූ තරමට රටේ අභිමානවත් පරපුරක් බිහි කරන්ට හේතු වේ. විශ්ව විද්‍යාලයකින්
පිට වන්නා රටේ සංස්කෘතිය ස්පර්ශ කරන ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය.ඔහුගේ වගකීම රට
වෙනුවෙනි.එසේම මේ විද්වතුන් අතලොස්ස විසින් රටට ස්වාධීන ප්‍රතිපත්තියක් සකස් කර
දිය යුතුය.එසේම මග පෙන්වීම් කල යුතුය. දේශපාලකයන් වෙනුවෙන් විද්වතුන් බිහි කිරීමේ
ක්‍රියාවලිය මෙරට විශ්ව විද්‍යාල තුළ ආරම්භ කිරීම නිසා රට පිරිහී ඇත. හමුදා විනයක්
යටතේ විද්වතුන් බිහි කිරීමද එයට දෙවනි නොවේ. මෙරට බෞද්ධ අධ්‍යාපනය විසින් දායාද
කරන ලද පූජනීය වූ උසස් අධ්‍යාපන ආයතන රැක ගැනීම සියලු දෙනගේම යුතුකමක් වන්නේ
එහෙයිනි.කොතලාවල පනත ඉවත් කිරීමට බල කළ යුත්තේ මේ කරුණු සැලකිල්ලට ගෙනය.
මතුගම සෙනෙවිරුවන්
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

Peradeniya , Central , Sri Lanka , Ananda , Southern , Bandara , North Western , United Kingdom , Kurunegala , Minneriya , North Central , Kelaniya , Western , Soratha Thera , Lionel Kothalawala , School Buddhist , University Commission Council , Kothalawala University , Peradeniya University , Buddhist School , Kelaniya University , Kothalawala Lake , Land City Bandara , General Kothalawala , Lord Buddha , Kumar Mountain , His Devi , General John Kothalawala , Central Temple , Land Ananda , மைய , ஸ்ரீ லங்கா , ஆனந்தா , தெற்கு , பந்தரா , வடக்கு மேற்கு , ஒன்றுபட்டது கிஂக்டம் , வடக்கு மைய , மேற்கு , புத்த பள்ளி , ஆண்டவர் புத்த ,

© 2025 Vimarsana