Monday, 19 July 2021 - 8:11
නව කොරෝනා අසාදිතයින් 1,420 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 284,932 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1,402 කු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.
ඒ අනුව තවදුරටත් රෝගීන් 24,523 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 56,616 ක්.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළ පෙරේදා සිදුවූ බවට තහවුරු කළ මරණ සංඛ්‍යාව 46 ක්.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,779 ක් ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදීගත් ඇමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් අද කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආවා.
කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 2.15 ට පමණ මේවා දිවයිනට රැගෙන ආ බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.
ඒ අනුව මේ දක්වා මෙරටට ලැබී ඇති මුළු ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 124,200 ක්.
එමෙන්ම සිනොවැක් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීමට එකඟත්වය පල නොකරමින් එහි විශේෂඥ කමිටුවේ සාමාජිකයන් 3 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ යන අය මෙලෙස ඉල්ලා අස්වී ඇති බව සඳහන්.
මරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග තාවකාලිකව නවතා දමා තිබූ එහි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරනවා.
මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 41 ඉක්මවා තිබෙනවා.
එය දැක්වෙන්නේ හතළිස් 15,352 ක් ලෙසයි.
ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දහ නව කෝටි එකොලොස් ලක්ෂ අනූ හතරදහස් හාරසිය පනස් හතක් දක්වා ඉහළ ගියා.
ගතවූ පැය විසි හතරේ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තාවන අතර, එය දැක්වුණේ 1,093 ක් ලෙසයි.
වැඩිම ආසාදිතයන් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවුණා.
එය දැක්වුණේ 48,161 ක් ලෙසයි.
Exclusive Clips
Related Keywords